Photobucket

Wednesday, February 27, 2013

චැනල් 4 චිත්‍රපටය ජිනීවාහි තිරගත කිරීමට ඉඩ නොදෙන්න

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය තුළදී මාර්තු 01 වැනිදා තිරගත කිරීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකාවට එරෙහි "නෝ ෆයර් සෝන්" නමැති චිත්‍රපටය සඳහා ඉඩ නොදෙන්නැයි රජය මානව හිමිකම් කවුන්සිලයේ සභාපති රෙමිගුයිස්‌ හෙන්සල් වෙත සිය දැඩි විරෝධය දක්‌වමින් සංදේශයක්‌ මගින් ඉල්ලා ඇත.

හියුමන් රයිට්‌ස්‌ වොච් සහ එකොසොන් නමැති රාජ්‍ය නොවන සංවිධාන මෙම චිත්‍රපට තිරගත කිරීම සඳහා ක්‍රියාකරන බව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා විසින් යෑවූ එම සංදේශයේ දක්‌වා තිබේ.

දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කිරීම ගැන රජය දැඩි විරෝධය දක්‌වා ඇත.

මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ රටකට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන විසින් දියත් කර ඇති සාවද්‍ය චෝදනා සඳහා ඉඩ නොදීම මානව හිමිකම් කවුන්සිලයේ වගකීම බවද එම සංදේශයේ සඳහන් කර ඇත.

මේ චිත්‍රපටය තිරගත කිරීමට නියමිත කාලසීමාව පිළිබඳව විමර්ශනය කරන විට ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදය පැවැත්වෙන සමයයි. ඉන් මානව හිමිකම් සමුළුවට බලපෑමක්‌ ඇති කිරීමට උත්සාහ කරනවා" යෑයි එම සංදේශයේ තවදුරටත් සඳහන් කර තිබේ.

බටහිර රටවල දේශපාලන රැකවරණ ලබන කොටි ක්‍රියාකාරීන් මේ චිත්‍රපටය මේ චිත්‍රපටය සඳහා ප්‍රචාරය ලබාදෙමින් අරමුදල් එකතු කිරීමට ක්‍රියාකරන බවත් රවිනාත් ආරියසිංහ මහතා සිය සංදේශයේ දක්‌වා ඇත.

මේ සමුළුව අතරතුර එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය තුළ මෙකී චිත්‍රපටය පෙන්වීමට ඉඩ නොදෙන්නැයිද ඔහු ඉල්ලා තිබේ.

මේ අතර නෝ µයර් සෝන් චිත්‍රපටය නිර්මාණය කළ චැනල් 4 රූපවාහිනියේ කැල්ලම් මැක්‌රේ පෙබරවාරි 28 වැනිදා ජිනීවා වෙත පැමිණේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all