Photobucket

Wednesday, January 16, 2013

තෛපොංගල් දිනයේ උතුරට රු.මිලියන 35ක ක්‍රීඩා භාණ්ඩ

තෛපොංගල් උත්සවය වෙනුවෙන් යු.එස්.ඒඩ් (US AID) සංවිධානය හා ජාතික තරුණ සේවා සභාව එක්ව උතුරේ තරුණ තරුණියන්ට රුපියල් මිලියන 35ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ පිරිනැමීම පසුගියදා සිදුවිය.

තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය නිසා ක්‍රීඩාවෙන් ඇත්වී සිටි උතුරේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කිරීම සඳහා උතුරේ යෞවන සමාජ 25කට මේ ක්‍රීඩා භාණ්ඩ කිලිනොච්චියේදී සහ යාපනයේදී පරිත්‍යාග කරණ ලද්දේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

නෙට්බෝල්, වොලිබෝල්, පාපන්දු, ක්‍රිකට්, දාම්, චෙස් හා කැරම් ක්‍රීඩාවලට අයත් ක්‍රීඩා භාණ්ඩ යෞවන සමාජවලට පරිත්‍යාග කෙරිණි.

මේ ක්‍රීඩා භාණ්ඩ කිලිනොච්චියේ ජාතික තරුණ සේවා සභාවේ දිස්ත්‍රික් කාර්යාලයේදී සහ යාපනයේ දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී බෙදා දෙනු ලැබීය.

මේ අවස්ථාවට උතුරු ආණ්ඩුකාර මේජර් ජෙනරාල් එම්.එච්.පී.ඒ‍.චන්ද්‍රසිරි, ජතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් නිතීඥ ලලිත් පියුම් පෙරේරා, යු.එස්.එඩ් ආයතනයේ උතුරු ව්‍යාපෘති කළමනාකාරිණී ඩෝන් හේඩන්, ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) සමන් අබේවර්ධන මහත්ම මහත්මීහු එක්වුහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all