ලෝක කෙටිදුර පිහිනුම් ශූරතාවලියේ මීටර් 100 ඒකල මිශ්‍ර ආර අවසන් පූර්ව
තරගය තත්පර 50.71කින් නිමකරමින් නව ලෝක වාර්තාවක් බිහිකිරීමට අමෙරිකාවේ
පිහිනුම් ශූර රයන් ලොචෙට් සමත්විය.
මෙවර ශූරතාවලියේ දී ඔහු විසින් තැබූ දෙවැනි ලෝක වාර්තාව මෙය වේ. ඊට පෙර දිනයේ දී
මීටර් 200 ඒකල මිශ්‍ර ආර පිහිනුම් තරගයෙන් ද ඔහු ලෝක වාර්තාවක් තැබීය.
පස්
වතාවකදී ඔලිම්පික් ශූරතා දිනූ රයන් මෙවර කෙටිදුර පිහිනුම් තරගාවලියේ රන්
පදක්කම් 4ක් දිනාගෙන සිටියි.
මීටර් 100 ඒකල මිශ්‍ර ආර අවසන් පූර්ව තරගයේ දෙවැනි වේගවත්ම කාලය වාර්තා කළේ
ඔස්ට්‍රේලියාවේ කෙනත්ය.
ඔහු තත්පර 51.47ක කාලයක් වාර්තා කළ අතර තත්පර 51.66ක
කාලයක් වාර්තා කළ ට්‍රිනිඩෑඩ් හා ටුබෑගෝ හී ජෝර්ජ් බෝවල් තුන්වැනි තැන
ලබාගත්තේය.









0 comments:
Post a Comment