ලොව ඇති වස්තු සම්භාරය ම මගේ යැයි රැස් කළ ද ඕනෑම මිනිසෙක් ඒ සියල්ල තම ජීවිතය
වෙනුවෙන් පරදුවට තබයි. විශ්වයේ නියාම ධර්මය කිසිවකුට වෙනස් කළ නොහැක. සියල්ලෝ ම ඒ
නියාම ධර්මය හා බැඳි සිටිති. විශ්වයේ විනාශය පිළිබඳව සිතමින් බොහෝ දෙනා කල් මරද්දී
නිලන්ති රත්නායක නම් දිරිය ගැහැනිය තම දිවි පරදුවට තබා අගනා ජීවිත පහක් බේරා ගත්
අයුරු අපූරු ය.

දවසේ කටයුතු අවසානයේ සමාජ සේවා නිලධාරි වරයා සහ ග්‍රාම නිලධාරි වරයා ඇතුළු තවත්
නිලධාරීන් පස් දෙනකු පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණ යළි ලේකම් කාර්යාලය
බලා යමින් සිටියේ නිල කැබිරියෙනි. ඒ වනවිට පලාගල ආඬියාගල නැමැති වැල්ලෑව ඔයේ සැඩ
පහර රළු වෙමින් තිබිණි.
ද්වහූව වැව පිටාර ගලා තිබිණ. ආඬියාගල හැවැන්වැල්ල ඔය දෙසට ගලා ගිය සැඩ පහරෙහි වේගය
දරුණු ය. කැබ් රථය හැවැන්ඇල්ල ඔය පාලම මතින් යන්නට ගියේ ය. එකෙණෙහිම ආවේ දරුණු සැඩ
දිය පහරකි. සැඩ පහරට හසු වූ රිය නිලධාරීන් පස් දෙනාත් සමඟ ගසාගෙන ගියේ ය.
මරණ භය නම් කාටත් පොදු ය. කැබ් රථයේ රියදුරු සහ ඉදිරි අසුනෙහි සිටි පුද්ගලයා හඬ නඟා
කෑගසමින් ජීවිතය ඉල්ලා සිටියහ.
එහි දරු මවක් වන නිලන්ති රත්නායක මහත්මිය ගේ නිවහන පිහිටියේ ඒ අසල ය. නිලධාරීන්ගේ
කෑගැසීම කන වැකුණු ඇය තම බාප්පා සමඟ පැමිණ ජල පහරට පැන්නේ සිය දිවි නොතකමිණි.
ඇයගේ උත්සාහය ව්‍යවර්ත කිරීමට ජල පහර මහත් පරිශ්‍රමයක් දැරීය. එහෙත් ජල පහරේ චණ්ඩ
බව නොතකා ඇය තම බාප්පා සමඟ එක්ව අරමුණු ජය ගත්තා ය. නිවසෙහි වූ කඹයක් ආධාර කොටගෙන
මනුස්ස ජීවිත පහක් නිරුපද්‍රිතව බේරාගත් ඔවුහු අජීවී කැබ් රථය දියටම මුදා හැරියහ.
රාත්‍රි අඳුර ද ධාරානිපාත වර්ෂාව ද නොතකා තම දිවි පරදුවට තබා ජීවිත පහක් බේරා ගැනීම
කැකිරාවේ නිලන්ති රත්නායක මහත්මියටත් ඇගේ ඥාතියාටත් දින දින පින් වැඩෙන කුසලයකි.
මුළුමහත් ප්‍රජාවම ඔවුන්ගේ උත්සාහයට ප්‍රණාමය දැක්විය යුතු ය. ඒ රටට මෙහෙයක් කිරීමට
කැපවූ පිරිසට ජීවිතය දුන් පමණින් නොවේ. රාත්‍රි අඳුර ද ජල පහරේ රුදුරු බව ද නොතකා
ඇය තම දිවිය පරදුවට තබා මනුෂ්‍ය ජීවිත පහක් බේරා ගැනීමට දියට බැස ගිය බැවිනි.
සැඩ පහරේ ගසාගෙන ගිය කැබ් රථය පසුදා (19) බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් ගොඩ ගනිද්දී එයට
දැඩි හානි සිදුවී තිබිණි.
කැබ් රථය කට වඩා මිනිස් ජීවිත අගනේ ය. අපි නිලන්ති රත්නායකට ධෛර්ය ද ශක්තිය ද
නිරෝගී සුවය ද පතමු. මිනිසුන් එකිනෙකා හා බැඳී සිටින්නේ ඥාති සබඳතා මත පමණක් නොවේ.
යුතුකම් හා වගකීම් මත ය. තමන්ට පැවැරැණු වගකීම කිසිදු අණ කිරීමකින් තොරව ඉටු කළ
නිලන්ති රත්නායකටත් ඇගේ බාප්පාටත් අපි අපගේ කෘතඥතා පූර්වක ස්තුතිය පිරිනමමු
0 comments:
Post a Comment