අධිකරණය මගහැරීම නිසා තඹුත්තේගම අධිකරණයෙන් වරෙන්තු දහයක් පමණ
නිකුත්කර ඇති සැකකරුවෙක් ගම්පහ පොලිස් වසමේ වතුමුල්ල ප්‍රදේශයේ සැඟවී
සිටියදී ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් පොලිස් භාරයට ගෙන
ඇත.

සැකකරු තඹුත්තේගම අතහැර ගම්පහ පොලිස් වසමට පැමිණ සැඟවී සිටින බවට තඹුත්තේගම පොලිසියෙන් ගම්පහ මූලස්ථාන පොලිසියට ලබාදෙන ලද තොරතුරක් අනුව ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු මහතාගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චරිත ඒ. බී. ජයසුන්දර මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් පරණවිතාන මහතා සහ අදාළ අංශයේ පොලිස් සැරයන් 55460 ධනපාල, 351 ශ්‍රියන්ත ඇතුළු නිලධාරීන් සැකකරු වතුමුල්ල ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක සිමෙන්ති මිශ්‍රකරමින් සිටියදී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සැකකරු අධිකරණය හමුවට පැමිණවීම සඳහා තඹුත්තේගම පොලිසියට භාරදීමට නියමිතය.
0 comments:
Post a Comment