පංච මහා බලවේග සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, සමසමාජ පක්‍ෂය සහ අනෙකුත්
ප්‍රගතිශීලී බලවේගත් එක්ව ඇති කළ මහජන එක්සත් පෙරමුණු රජය මහා දේශපාලන
පෙරළියක් නිර්මාණය කළා.

ඒ මහතා එසේ පැවසුවේ කොස්ගම ඩැනී විජේසුන්දර ක්‍රීඩාපිටියේ ආරම්භකළ
පුස්තකාලය “ඩී. ඒ. රාජපක්‍ෂ පුස්තකාලය” නමින් විවෘත කිරීමෙන් පසු පැවැති ජන
හමුවේදීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
මේ කේන්ද්‍රීය දිවයින බටහිර ඇතුළු තවත් රටවල් ඔවුන්ගේ යටතට ගැනීමට විවිධ
උත්සාහ ගනු ලැබුවා. අවුරුදු 450ක් අප යටත් වී සිට, නිදහස ලබාගත් යුගය සිහිපත්
කර ගත යුතුයි. 1956දී පංචමහා බලවේග සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කළ මහා
දේශපාලන පෙරළියට බණ්ඩාරනායක මහතා සමඟ ඩී. ඒ. රාජපක්‍ෂ, පිලිප් ගුණවර්ධන
මහත්වරුද පුරෝගාමීන් වුණා.
56 දරුවකු ලෙස ඉපදුණු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කෘෂිකාර්මික විප්ලවය
ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීම පැසසිය යුතුයි.
මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකාව වර්තමානයේ ගුවන්
කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒවාගේම ජාත්‍යන්තරව නව ගුවන් ගමන්
පියාසර සැලැස්ම පසුගිය 15 දින සිට වෙනස්වීමකට භාජනය වූ නිසා නව පියාසර
සැලැස්මට ශ්‍රී ලංකාවද එක්ව තිබීම රට සංවර්ධනය කිරීමට මහඟු පිටුවහලක්
වෙනවා.
මෙම අවස්ථාවට සුමිත් විජේමුණි සොයිසා, මහේෂ් අල්මේදා, ලයනල් කාරියවසම්,
පළාත් සභා මන්ත්‍රීවරු හා උපකුලපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ මහතාද
සහභාගි වී සිටියහ.
අවිස්සාවේල්ල විශේෂ - එස්. පද්මපෙරුම
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment