Photobucket

Tuesday, December 4, 2012

සැකකරුවන් අල්ලනතුරු අම්පාරේ බස් වර්ජනයක්

අම්පාර සිට ක්‍රියාත්මක වන කෙටි හා දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සියල්ලම අද වැඩ වර්ජනයකට එක්ව සිටී. ඉකුත් (02) දා කිසියම් පිරිසක් විසින් අම්පාර බස් නැවතුමේ වේලා සටහන්කරුට සහ ස්ථානභාර නිලධාරිට පහර දී ඇති අතර වේලා සටහන්කරු තුවාළ ලබා තවදුරටත් අම්පාර රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබයි. මේ පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව විරෝධය පා මේ වර්ජනය ආරම්භකොට තිබේ. නමුත් අම්පාර පොලිසිය පවසන්නේ පහරදීමට සම්බන්ධ සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
සමන් මානික්කආරච්චි - අම්පාර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all