මළවුන් සැමරීමට ඇති අයිතිය දෙමළ
ජනතාවට ලබා දිය යුතු බවත් එම සාධාරණ අවස්ථාව ලබා දිය යුතු බව රජය පිළිගන්නේ
නැති නම් උතුරු නැගෙනහිර සාමය කිසි දිනක නිර්මාණය කළ නොහැකි බවත්
ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කරයි.
මළවුන් සිහිපත් කිරීමේ අයිතිය දකුණේ ජනතාවට පමණක්
ලබා දී උතුරේ ජනතාවට ඒ අයිතිය අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව, 'බලය බෙදා
රට එක්සත් කරමු' යන මැයෙන් අද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රජාතන්ත්‍රවාදී
ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් පැවසුවේය.සන්නද්ධ අරගලයක යෙදුනු ජනතා විමුක්ති පෙරමුණේ මිය ගිය සාමාජිකයන් සිහිපත් කිරීමට ආණ්ඩුව විරුද්ධ නොවූවත් දෙමල ජනතාවට ඒ අයිතිය ප්‍රතික්ෂේප කර ඇති බවයි, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් තවදුරටත් ප්‍රකාශ කළේ.
පසුගිය 27 දා යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් 'මහවිරු සමරුව' නිමිත්තෙන් නේවාසිකාගාරවල පහන් දැල්වීමේ පූජාවක් සුදානම් කොට තිබූ අවස්ථාවේදී හමුදාව සහ පොලිසිය විශ්ව විද්‍යාලය තුලට කඩා පැනීමෙන් පසු සිසුන් විරෝධතාවල නිරත වූ අතර පසුව දෙපාර්ශවය අතර ගැටුම් හට ගැනිණ.
බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.








0 comments:
Post a Comment