Photobucket

Tuesday, November 20, 2012

රතු වැස්‌ස ගැන ඩී.එන්.ඒ. පරීක්‍ෂාවක්‌

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැළුණු රතු වැස්‌ස සම්බන්ධයෙන් ඩී.එන්.එA. පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කණ්‌ඩායමක්‌ මේ සතිය ඇතුළත එම ප්‍රදේශවලට යෑවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරයි.

මෙම පරීක්‍ෂණ කණ්‌ඩායම සඳහා කීට විද්‍යා නිලධාරියකු සහ ජල සාම්පල් එකතු කිරීමේ නිලධාරියකු ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරියෙක්‌ පෙරේදා (18 වැනිදා) "දිවයින"ට පැවසීය.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පසුගිය දා ඇදහැළුණු රතු වැස්‌ස හේතුවෙන් කිසිවකු අසාත්මිකතාවට ලක්‌ව නොමැති බවට වාර්තා වී ඇතැයි ද වැසි ජලය සමග මුසුව පැමිණි ඇල්ගී විශේෂයෙන් හානියක්‌ නොමැති බව මූලික විමර්ශනවලින් හෙළිවී ඇතැයි ද හෙතෙම කීය.
චමින්ද සිල්වා
දිවයින ඇසුරින් පල කරන ලදී.
  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all