තෙල්දෙණියට ඇද හැලුණු ධාරානිපාත වැසි මැද පසුගියදා අලුයම 3 පමණ වෙද්දී මහ
හඬින් දෙදරායමින් බඹරගහදෙණිය හුරීගොල්ල ප්‍රදේශය ගිලා බැස ඇත. එකී
වේලාවටම සඳසිරි දුණුවිල ගෝනගල ප්රදේශයන්හිද නිවාස ගණනාවක් මතට පස් කඳු
කඩා වැටීමෙන් බිත්ති දෙදරා ගිය බව එම නිවැසියෝ පවසති.
මෙයට අමතරව වේඬරුව, වෑගල, සඳසිරි දුනුවිල යන ප්‍රදේශ නායයෑමට ලක්වී තිබේ.
තෙල්දෙණියේ සිදුවූ මේ මහා පස් කඳු කඩා වැටීමේ දී කේ. ඩබ්ලිව්. එම්.
චන්ද්රසිරිසේන මහතාගේ නිවෙස ද යටවී ඇත.
ඔහුගේ නිවෙසට සිදුවී ඇති අලාභය ලක්ෂ 2ක් පමණ වේ. රජයේ නිලධාරීන් විසින් ඔහුට එම
ස්ථානයෙන් ඉවත්වීමට දැනුම් දීමෙන් අනතුරුව ඔහු දැනට ඔහුගේ දියණියගේ නිවෙසේ
පදිංචිව සිටියි.
දෙදරු මවක වන ඩබ්ලිව්. ජී. චන්ද්‍රලතා මහත්මියගේ බාගෙට ඉදි කළ නිවෙසද ආපදාවට
ලක්වීමෙන් ඇය සහ ඇගේ දරු දෙදෙනා ද අසරණ වී සිටිති. එම අවස්ථාවේ ඔවුන් නිවෙසේ
නොසිටීමෙන් අනූනවයෙන් ඔවුනගේ ජීවිත බේරී තිබේ.
18 වනදා සිදුවූ මේ ව්‍යසනය සඳහා හේතුපාදක වූ කරුණු අතර ස්වාභාවික පරිදි
හූරිගොල්ල හරහා ගලාගිය ‘රෝටූ පිහිල්ල” නම් ඉතිහාසගත ඇළ මෙම සිදුවීම වීමට දින
කිහිපයකට ඉහත දී, ඊට යාබද නිවෙසක පිරිසක් මෙම රෝටූ පිහිල්ල හූරිගොල්ල
නියැදියෙන් හරවා ප්‍රධාන මාර්ගයට මුදාහරින ලද්දෙන්, අධික වර්ෂාවත් සමඟ එය මහා
ජල කඳක් බවට පත්වී මෙම ඛේදනීය තත්ත්වය ඇතිවීමට හේතුවක් වන්නට ඇතැයි යන සැකයක්,
අවතැන්වූ පිරිස තුළ පවතී.
මේ සම්බන්ධව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංකයට (119)
දැන්වීමෙන් අනතුරුව, අදාළ පොලිස් නිලධාරීන් රෝටූ පිහිල්ල හැරවූ ස්ථානයට
පැමිණ, ස්ථානය නිරීක්ෂණය කොට, රෝටූ පිහිල්ල හැරවීමට ලක් කළ පිරිසට පොලිසියට
පැමිණෙන ලෙසද දන්වා ඇති බවද වාර්තා වේ. අවතැන් පිරිස දැනට දුණුවිල මහා බෝධි
විද්‍යාලයේ රඳවා සිටිති.
මේ ගැන අදහස් දැක්වූ මැදදුම්බර ප්‍රා. මහලේකම් ජානක ජයසුන්දර මහතා:-
ඇත්තෙන්ම මෙය ඉතාම ශෝචනීය ආපදා සහගත අවස්ථාවක්. 818 බඹරගහදෙණිය ග්‍රාම
වසමේ අවතැන් වූ පවුල් 07ක් මෙම ස්ථානයට අප රැගෙන ආවා. 819 - සඳසිරි දුණුවිල
වසමේ ගෙවල් 02ක් සම්පූර්ණයෙන්ම කැඩිලා. අර්ධව කැඩීගිය නිවාස 02ක් තියෙනවා. ඊට
අමතරව සාමාන්‍යයෙන් අලාභහානි වූ නිවාස 02ක්ද තිබෙනවා. ගම්වාසින්ගේ සහාය
ඇතිව, පිසූ ආහාර හා සෙසු පහසුකම් සපයනවා. ග්‍රාම නිලධාරී මහත්වරුන් ද
ස්වේච්ඡාවෙන්ම ආහාර සැපයුවා යැයි පැවසීය.









0 comments:
Post a Comment